Saturday, January 21, 2017

පංචශීල ආනිශංස 4

මුසාවාදා වේරමණි

1.විප්පසන්නින්ද්‍රියතා - ප්‍රසන්න ඉන්ද්‍රියන් ඇති බව

2.විස්සට්ඨමධුරභාණිතා - විශිෂ්ට වූ මධුර ස්වරයෙන් කථාබස් කරන්නෙකු වීම.

3.සමසිතසුද්ධදන්තතා - සමානව පිහිටියා වූ සුදුවන් දත් දෙපලක් යුත්ත බව.

4.නාතිථුලතා - ඉතා ස්ථූල නොවීම

5.නාතිකිසතා -ඉතා කෙට්ටු නොවීම

6.නාතිරස්සතා -ඉතා කුඩා නොවීම (අඟුටුමිටි නොවීම)

7.නාතිදීඝතා -(පොල් ගසක්සේ) ඉතා උස ශරීරයක් නොලැබීම

8.සුඛසම්ඵස්සතා - සැප පහස ලබන්නෙකු වීම

9.ආදෙය්‍යවචනතා - ඇදහිය යුතු වචන ඇතිබව

10.කමලුප්පලසදිසමුදුලොහිතතනුජීව්හතා - නෙළුමක් ඕළුමලක් බඳු මෘදුවූ රත්පැහැ ඉතා දිගහැරිය හැකි දිවක් ලැබීම

11.අනුද්ධතතා - උද්ධච්ච නොවීම


12.අචපලාති - චපල නොවන්නෙකු වීම

No comments:

Post a Comment