අබ්‍රහ්මචරියා
වේරමණී
1.විහතපච්චත්ථිකතා - පසමිතුරන් තොරබව
2.සබ්බජනපියතා - සියළුම ජනතාව ප්‍රිය කරන පුද්ගලයෙකුවීම
3.අන්නපානවත්ථසයනාදීනං ලාභිතා - ඕනෑම විටකදී ආහාර
බීමවර්ග ඇඳුම්පැළඳුම් කොට්ට මෙට්ට ඇඳ ඇතිරිලි ආදිය ලබන්නෙකුවීම
4.සුඛසයනතා - සුවසේ නිදන්නෙකු වීම(සතුරන් නොමැති නිසා)
5.සුඛප්පට්බුජ්ඣනතා - සුවසේ පිබිදීම
6.අපායභයවිනිමුත්තකතා - ආය සංඛාත දියුණුවක්
නැති අපායට තමා පැමිණේයැයි නොසිතන බව. අපාය භය තොරබව.
7.ඉත්ථිභාවප්පටිලාභාස්ස වා
නපුංසකභාවප්පටිලාභස්ස වා අභබ්බතා - ස්ත්‍රියක හො නපුංසකයෙකු බවට නොපැමිණීම
8.අක්කොධනතා - ක්‍රොධ නොකරන බව
9.පච්චක්ඛකාරිතා - විමස විමසා කටයුතු කරන
බව
10.අපනිතඛන්ධතා - කර බා ගත් පුදගලයකු නොවීම
11.අනධොමුඛතා - බිම බලාගත් මුහුණක් ඇත්තෙකු නොවීම.
12.ඉත්ථිපුරිසානං අඤ්ඤමඤ්ඤ පියතා- විරුද්ධ ලිංගිකයින්
තමාව ප්‍රිය කරන බව.
13.පරිපුණ්ණින්ද්රියතා - පිරුණා වූ ඉඳුරන්
ඇති බව
14.පරිපුණ්ණ ලක්ඛණතා - පිරිපුන් ලකුණු
ඇතිබව
15.නිරාසංඛතා - සැකයෙන් විමතියෙන් තොරබව
16.අප්පොස්සුක්කතා - අඩු උත්සාහයකින්
කාර්යයන් සිදුකල හැකිවීම.
17.සුඛවිහාරිතා - සැපසේ චතුඉරියව්වෙන් වාසය කරන්නෙකුවීම
18. අකුතොභයතා - කිසි තැනක බියට පත්නොවීම
19.පියවිප්පයොගාභාවතා - ප්‍රියයන්ගෙන් වෙන්
නොවන්නෙක් වීම
No comments:
Post a Comment