Saturday, December 31, 2016

පංචශීල ආනිශංස 3


අබ්‍රහ්මචරියා වේරමණී

1.විහතපච්චත්ථිකතා - පසමිතුරන් තොරබව

2.සබ්බජනපියතා - සියළුම ජනතාව ප්‍රිය කරන පුද්ගලයෙකුවීම

3.අන්නපානවත්ථසයනාදීනං ලාභිතා - ඕනෑම විටකදී ආහාර බීමවර්ග ඇඳුම්පැළඳුම් කොට්ට මෙට්ට ඇඳ ඇතිරිලි ආදිය ලබන්නෙකුවීම

4.සුඛසයනතා - සුවසේ නිදන්නෙකු වීම(සතුරන් නොමැති නිසා)

5.සුඛප්පට්බුජ්ඣනතා - සුවසේ පිබිදීම

6.අපායභයවිනිමුත්තකතා - ආය සංඛාත දියුණුවක් නැති අපායට තමා පැමිණේයැයි නොසිතන බව. අපාය භය තොරබව.

7.ඉත්ථිභාවප්පටිලාභාස්ස වා නපුංසකභාවප්පටිලාභස්ස වා අභබ්බතා - ස්ත්‍රියක හො නපුංසකයෙකු බවට නොපැමිණීම

8.අක්කොධනතා - ක්‍රොධ නොකරන බව

9.පච්චක්ඛකාරිතා - විමස විමසා කටයුතු කරන බව

10.අපනිතඛන්ධතා - කර බා ගත් පුදගලයකු නොවීම

11.අනධොමුඛතා - බිම බලාගත් මුහුණක් ඇත්තෙකු නොවීම.

12.ඉත්ථිපුරිසානං අඤ්ඤමඤ්ඤ පියතා- විරුද්ධ ලිංගිකයින් තමාව ප්‍රිය කරන බව.

13.පරිපුණ්ණින්ද්‍රියතා - පිරුණා වූ ඉඳුරන් ඇති බව

14.පරිපුණ්ණ ලක්ඛණතා - පිරිපුන් ලකුණු ඇතිබව

15.නිරාසංඛතා - සැකයෙන් විමතියෙන් තොරබව

16.අප්පොස්සුක්කතා - අඩු උත්සාහයකින් කාර්යයන් සිදුකල හැකිවීම.

17.සුඛවිහාරිතා - සැපසේ චතුඉරියව්වෙන් වාසය කරන්නෙකුවීම

18. අකුතොභයතා - කිසි තැනක බියට පත්නොවීම


19.පියවිප්පයොගාභාවතා - ප්‍රියයන්ගෙන් වෙන් නොවන්නෙක් වීම

Saturday, July 30, 2016

පංචශීල ආනිශංස (ආ) කොටස

අදින්නාදානා වේරමණී


1.මහද්ධනතා - මහත් වූ ධන සම්පත් ඇතිබව

2.පහූත ධනධඤ්ඤතා - මිනිය නොහැකි ධන ධාන්‍ය වස්තු සම්පත් ඇතිබව.

3.අන්නතභොගතා - අනන්තවූ උපභොග පරිභොග සම්පත් ඇතිබව.

4.අනුප්පන්නභොගුප්පත්තිතා - නොඉපදූ භොග උපදවීමේ හැකියාව ලැබීම

5.උප්පන්නභොගථාවරතා - තමන් සන්තකයේ තිබෙන භොග ස්ථාවර වීම

6.ඉච්ඡිතානංභොගානං ඛිප්පපටිලාභිතා - තමන් කැමති භොග ක්ෂණිකව ලබාගැනීමට හැකිවීම

7.රාජචොරුදකග්ගිඅප්පියදායාදෙහි අසාධාරණ භොගතා - තමා සතුව පවතින භොග රජු, සොරු, ජලය, ගිනි, අප්‍රිය දායකයන්ට අසාධාරණ වීම.

8.අසාධාරණධනප්පටිලාභිතා- වෙන කෙනෙකුට සමාන නැති ධන සම්පත් ලැබීම

9.ලොකුත්තමතා - ලොකයට උත්තමයකු වීමේ හැකියාව ලැබීම

10.නත්ථිභාවස්ස අජානනතා -“නැත“ යන්න ඇසීමටවත් සිදුනොවීම


11.සුඛවිහාරිතා - සුවසේ දිවි ගෙවනෙ සුලුවීම.

Saturday, January 16, 2016

පංචශීල අානිශංස (අ) කොටස

පානාතිපාතා වේරමණී


1.අංගපච්චංග සම්පන්නතා - ඇතමුන් ගේ අඟපසඟ විරූපීව විපත්තියක්ව පිහිටයි. මෙය එසේ නොපිහටා අඟපසඟ සම්පත්තියෙන් යුත්තබව ප්‍රකාශකරයි
2.ආරොහපරිණාහසම්පත්ති -ආරොහපරිණාහ දෙහ සම්පත්තිය ඇතිබව. උසට සරිලන මහතකින් යුතුබව.
3.ජවසම්පත්තිතා - මනා ජවයකින් යුක්ත බව.
4.සුප්පතිට්ඨිතපාදතා - මනාකොට පොළවෙහි පිහිටන දෙපා ඇතිබව.
5.චාරුතා - දර්ශනීය බව. ලස්සන බව
6.මුදුතා -මෘදු අඟපසඟ ලැබීම
7.සුචිතා - පිරිසිඳු අඟපසඟ ලැබීම. (බ්බලි හොරි දද කුෂ්ට ආදිය නැති)
8.සූරතා - සූරවීර ගුණ ලැබීම
9.මහබ්බලතා - මහත් වූ කායබල, චිත්තබල ආදීයෙන් බලවත්වීම
10.විස්සට්ඨවචනතා - විශිෂ්ට වචන කථාකරන්නෙකු වීම.
11.ලොකපියතා - ලොකයා ඉතා ප්‍රියකරන්නෙකු වීම.
12.නෙළතා - (ශරීරඅවයවයකින් හො වෙනත් කිසිම අයුරකින්) වැරැද්දකින් තොරවීම
13.අභෙජ්ජපරිසතා - කිසිකලෙක බිඳවිය නොහැකි පිරිසකින් යුත්තවීම
14.අච්ඡම්භිතා - තැති නොගන්නා සුළු බව
15.දුප්පඩංසිතා - අන් අයෙකුට තමාව පාගා පහලට ඇදදැමිය නොහැකි බව.
16.පරූපක්කමෙන අමරණතා - කිසිකළෙක  වෙනකෙකුගේ උගුලකින් මරණයට පත් නොවීම
17.අනන්තපරිවාරතා - අන්නතවු පිරිවර සැප ලැබීම.
18.සුරූපතා - සුරූපී වීම
19.සුසණ්ඨානතා - වැරදි පිහිටීම් වලින් තොරබව. මනා පිහිටීම් ඇතිබව.
20.අප්පාබාධතා - ආබාධ අඩු ජීවිතයක් ලැබීම
21.අසොකිතා - ශොක නොකරන සුළු පුද්ගලයෙක් වීම.
22.පියෙහි මනාපෙහි සද්ධිං අවිප්පයොගතා - ප්‍රියවූ මනාප වූ පුද්ගල ඇසුරෙන් වෙන් නොබව සුළු බව.
23.දීඝායුකතා - දීර්ඝ වූ ආයුෂයක් භුක්තිවිඳින්නෙකු වීම.