පානාතිපාතා වේරමණී
2.ආරොහපරිණාහසම්පත්ති -ආරොහපරිණාහ දෙහ
සම්පත්තිය ඇතිබව. උසට සරිලන මහතකින් යුතුබව.
3.ජවසම්පත්තිතා - මනා ජවයකින් යුක්ත බව.
4.සුප්පතිට්ඨිතපාදතා - මනාකොට පොළවෙහි
පිහිටන දෙපා ඇතිබව.
5.චාරුතා - දර්ශනීය බව. ලස්සන බව
6.මුදුතා -මෘදු අඟපසඟ ලැබීම
7.සුචිතා - පිරිසිඳු අඟපසඟ ලැබීම. (බ්බලි හොරි දද
කුෂ්ට ආදිය නැති)
8.සූරතා - සූරවීර ගුණ ලැබීම
9.මහබ්බලතා - මහත් වූ කායබල, චිත්තබල ආදීයෙන් බලවත්වීම
10.විස්සට්ඨවචනතා - විශිෂ්ට වචන
කථාකරන්නෙකු වීම.
11.ලොකපියතා - ලොකයා ඉතා ප්‍රියකරන්නෙකු වීම.
12.නෙළතා - (ශරීරඅවයවයකින් හො වෙනත් කිසිම අයුරකින්)
වැරැද්දකින් තොරවීම
13.අභෙජ්ජපරිසතා - කිසිකලෙක බිඳවිය
නොහැකි පිරිසකින් යුත්තවීම
14.අච්ඡම්භිතා - තැති නොගන්නා සුළු බව
15.දුප්පඩංසිතා - අන් අයෙකුට තමාව පාගා පහලට ඇදදැමිය
නොහැකි බව.
16.පරූපක්කමෙන අමරණතා - කිසිකළෙක වෙනකෙකුගේ උගුලකින් මරණයට පත් නොවීම
17.අනන්තපරිවාරතා - අන්නතවු පිරිවර සැප
ලැබීම.
18.සුරූපතා - සුරූපී වීම
19.සුසණ්ඨානතා - වැරදි පිහිටීම් වලින් තොරබව. මනා
පිහිටීම් ඇතිබව.
20.අප්පාබාධතා - ආබාධ අඩු ජීවිතයක් ලැබීම
21.අසොකිතා - ශොක නොකරන සුළු පුද්ගලයෙක් වීම.
22.පියෙහි මනාපෙහි සද්ධිං අවිප්පයොගතා - ප්‍රියවූ මනාප වූ
පුද්ගල ඇසුරෙන් වෙන් නොබව සුළු බව.
23.දීඝායුකතා - දීර්ඝ වූ ආයුෂයක් භුක්තිවිඳින්නෙකු වීම.
No comments:
Post a Comment