පංචශීල ආනිශංස (ආ) කොටස
අදින්නාදානා වේරමණී
1.මහද්ධනතා - මහත් වූ ධන සම්පත් ඇතිබව
2.පහූත ධනධඤ්ඤතා - මිනිය නොහැකි ධන
ධාන්‍ය වස්තු සම්පත් ඇතිබව.
3.අන්නතභොගතා - අනන්තවූ උපභොග පරිභොග සම්පත් ඇතිබව.
4.අනුප්පන්නභොගුප්පත්තිතා - නොඉපදූ භොග උපදවීමේ
හැකියාව ලැබීම
5.උප්පන්නභොගථාවරතා - තමන් සන්තකයේ තිබෙන
භොග ස්ථාවර වීම
6.ඉච්ඡිතානංභොගානං ඛිප්පපටිලාභිතා - තමන් කැමති භොග
ක්ෂණිකව ලබාගැනීමට හැකිවීම
7.රාජචොරුදකග්ගිඅප්පියදායාදෙහි අසාධාරණ
භොගතා - තමා සතුව
පවතින භොග රජු, සොරු, ජලය, ගිනි, අප්‍රිය දායකයන්ට අසාධාරණ වීම.
8.අසාධාරණධනප්පටිලාභිතා- වෙන කෙනෙකුට සමාන
නැති ධන සම්පත් ලැබීම
9.ලොකුත්තමතා - ලොකයට උත්තමයකු වීමේ හැකියාව ලැබීම
10.නත්ථිභාවස්ස අජානනතා -“නැත“ යන්න ඇසීමටවත්
සිදුනොවීම
11.සුඛවිහාරිතා - සුවසේ දිවි ගෙවනෙ සුලුවීම.